Sunday, November 25, 2012


BitTorrent ප්‍රොටොකෝලය

චිත්‍රපට,පරිඝනක ක්‍රීඩා,මෘදුකාංග,රූපවාහිනී වැඩසටහන්, වැනි විශාල ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කර ගැනීමට ඇති හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය.සාමාන්‍යෙයන් ඩවුන්ලෝඩ් වීම සිදුවන්නේ Ftp (file transfer protocal) හෝ Http (hypertext  transfer protocal ) අනුවය.සාම්ප්‍රධායික ක්‍රමයට අනුව ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමේදී වේගය අඩුවීමට බලපාන හේතු කිහිපයකි.
1.ස්වරය කාර්ය බහුල වීම.
2.ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක පරිඝනක ගනනාවකින් ඉල්ලා සිටීම.
මෙම හේතු නිසා 2001 ජුලි 2 වෙනිදා ඇමරිකානු ක්‍රමලේඛ ශිල්පියෙකු වන බ්රැම් කොහෙන් පියර්-ටු-පියර් ප්‍රොටොකෝලය හදුන්වාදෙන ලදී.
බිට්ටොරන්ට් ක්‍රියාත්මක කිරීමට විශේෂ මෘදුකාංගයක් පරිඝනකයේ ඉන්ස්ටෝල් කර ගත යුතුය.එය ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයයි.එය නොමිලේ www.bittorrent.com වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය.
ඔබට අවශය ටොරන්ට් ෆයිල් එක ටොරන්ට් සර්ච් එන්ජින් එකක් තුලින් සොයා ගෙන එය ඩවුන්ලෝඩ් කර ගත යුතුය.පසුව එම ෆයිල් එක විවෘත කර ගත යුතුය.එය ඔබගේ පරිඝනකයේ ඉන්ස්ටෝල් කර ඇති ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය තුලින් විවෘත වී ඩවුන්ලෝඩ් වීම සිදුවේ.

බිට්ටොරන්ට් ප්‍රොටොකෝලය ක්‍රියාත්මක වන හැටි.

ටොරන්ට් ෆයිල් ෂෙයාරිං කටයුතු හසුරුවන ට්රැකර් පරිඝනකය ප්‍රධානය.අවශය ටොරන්ට් ෆයිල් එක දැනටමත් ඩවුන්ලෝඩ් වී ඇති පරිඝනක හෙවත් සීඩ් සහ විවිධ ප්‍රතිශත වලින් ඩවුන්ලෝඩ් වී ඇති පරිඝනක හෙවත් ස්වාම් සොයා ගැනේ.ෆයිල් එක ඉල්ලා සිටි පරිඝනකයට ඒවායින් එකවර නමුත් කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් වේ.

ටොරන්ට් සර්ච් එන්ජින්

1.www.torrentz.com
2.www.torrenttree.com
3.www.yourbittorrent.com
4.www.torrentpond.com


No comments:

Post a Comment