Sunday, November 25, 2012

මොබයිල් ෆෝන් අන්ලොක් කරන්නේ කොහොමද?

බොහෝ රට වල ජංගම දුරකතන ගිනුම සමග ජංගම දුරකතනයක් ලබා දෙයි.එම ජංගම දුරකතනයෙන් ලබා ගත හැක්කේ එම දුරකතන ජාලයෙන් පමනක් වන සේ දුරකතනය මෘදුකාංග මගින් ලොක් කරයි.එම දුරකතන මෙරටට ගෙන ආ විට අප රට තුල භාවිතා වන සිම් කාඩ් යොදා ගත නොහැක. ජංගම දුරකතන ලොක් කරන ක්‍රම කිහිපයකි.
1.සිම් ලොක්.
2.නෙට්වර්ක් ලොක්.
3.කන්ට්‍රි ලොක්.

ලෝකයේ ඇති රටවල් වලට GSM (Global System for Mobile Communication) හදුනා ගැනීමේ අංකයක් ලබා දී ඇත.එය MCC (Mobile Country Code) වේ.අපේ රටේ කන්ට්‍රි කෝඩ් එක SRI හෙවත් 413 වේ.තවද මොබයිල් නෙට්වර්ක් කෝඩ් MNC (Mobile Network Code) එකක් ලබා දෙයි.මෙලෙස මොබයිල් ෆෝන් වලට යොදා ඇති අගුලු ඉවත් කිරීම ෆෝන් අන්ලොක් කිරීම ලෙස හැදින්වේ.

මොබයිල් ෆෝන් වලට යොදා ඇති අගුලු ඉවත් කිරීම මගින් එක සිම් පතක ජාලයක් නොව ඕනෑම ජාලයක සිම් පතක් භාවිතා කල හැක.ෆෝන් අන්ලෙක් කිරීමට නොයෙකුත් ක්‍රම තිබේ.ඉන් හොදම ක්‍රමය වන්නේ ඒ සදහා සකසා ඇති මෘදුකාංගයක් යොදා අන්ලොක් කිරීමයි.code calculator එවැනි මෘදුකාංගයකි.
මොබයිල් ෆෝන් වලට යොදා ඇති අගුලු ඉවත් කිරීදී IMEI (International Mobile Equipment Identification) අංකය අවශය වේ.එය *#06# යෙදීමෙන් ලබා ගත හැක.

අන්තර් ජාලය තුලින් මොබයිල් ෆෝන් වලට යොදා ඇති අගුලු ඉවත් කර ගත හැකි වෙබ් අඩවි.

1. www.unlock.nokiafree.com
2. www.hyfeno.com

අන්තර් ජාලය තුලින් මොබයිල් ෆෝන් වලට යොදා ඇති අගුලු ඉවත්කිරීමට උපදෙස්,මෘදුකාංග ගත හැකි වෙබ් අඩවි.

1. www.mrunlock.com
2. www.theunlocker.com
3. www.unlocking.com
4. www.mobileunlock.co.uk
5. www.unlockitnow.com

No comments:

Post a Comment